පක්ෂය හැර ගිය පිරිසට නැවත පක්ෂයකට එක්වන ලෙස තමා ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (07) ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණු උත්සවයකදී අදහස් දක්වමින්.
ජනාධිපතිවරණයට තරග කිරීමට තමාට සැලැස්මක් නොතිබූ බවත් අභියෝගාත්මක අවස්ථාවේ පක්ෂය කළ ඉල්ලීම භාරගත් බවත් ඔහු එහිදී කියා සිටියා.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණ සටනට එක්වන බවයි අද ප්රකාශයට පත් කළේ.