සීදුව පොලිස් වසමේ කොටුගොඩ ප්‍රදේශයේදී වෙඩි වැඩීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොටුගොඩ පොලිස් මාර්ග බාධකයේදී මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යාමේ දී පුද්ගලයෙකු විසින් පොලිස් සැරයන්වරයාගේ ගිනිඅවිය උදුරා ගැනීමට උත්සාහ කර තිබෙනවා.
එම අවස්ථාවේදී ගිනිඅවිය ක්‍රියාත්මක වී අදාළ පොලිස් නිලධාරියාගේ පාදයකට සහ ගිනි අවිය උදුරාගැනීමට උත්සාහ කළ පුද්ගලයාගේ උදරයට වෙඩි වැඩි ඇති බවයි පොලීසිය පවසන්නේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා හා අනෙක් පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී උදරයට වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.





