― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකොරියානු රැකියා ගැන සිහින මැවූ අයට සුභ ආරංචියක්

කොරියානු රැකියා ගැන සිහින මැවූ අයට සුභ ආරංචියක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව තවදුරටත් ශ්‍රී ලංකිකයන් සඳහා එරට මෙම රැකියා අවස්ථා ලබාදීමට නියමිතයි.

ඒ අනුව දකුණු කොරියාව බලා යන 873 වන කණ්ඩායම පසුගියදා (06) දිවයිනෙන් පිඅත්ව ගොස් තිබෙනවා.

මෙම කණ්ඩායමය ශ්‍රී ලංකිකයන් 100 දෙනෙකු ඇතුළත් වන අතර ඉන් 08 දෙනෙක් තරුණියන් වීම විශේෂත්වයක්.

2024 වසරේ අගෝස්තු මස වන විට 3,694 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.