සමගි ජන බලවේගය ප්රමුඛ ‘සමඟි ජන සන්ධානය’ අද (08) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලැබුවා.
‘සැමට ජයක් සමඟි රටක්’ යන තේමාව යටතේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී මෙම උත්සවය පැවැත්වුනා.
මෙවර ජනධිපතිවරණයේ දී සමඟි ජන බලවේගයට සහාය දක්වන දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු කණ්ඩායම් එක්ව මෙම සන්ධානය ගොඩනඟා තිබෙනවා.


