හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනෙක් ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සැකකරුවන් අද (08) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා.
පසුගිය සමයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් තොගයක් මිලදී ගැනීමේ නඩුවට අදාළවයි කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.


