― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsචීනයෙන් ලැබුණු ණය මෙරට විදේශ සංචිත ශක්තිමත් කරගැනීමට යොදවනවා

චීනයෙන් ලැබුණු ණය මෙරට විදේශ සංචිත ශක්තිමත් කරගැනීමට යොදවනවා

ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලුම් කළ ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදල මෙරට විදේශ සංචිත ශක්තිමත් කරගැනීම සඳහා යොදාගැනීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල පවසයි.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ චීනයෙන් ඉල්ලුම් කළ ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණය පහසුකම මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය, කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය සඳහා යෙදවීමට ඉලක්ක කරන බවයි.

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ඕස්ට්‍රේලියානු රජයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ඉල්ලා ඇති බවත් එම ණය මුදල පරිප්පු සහ කිරිපිටි ආනයනය කිරීම සඳහා යෙදවීමට අපේක්ෂා කරන බවත් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මසකට ඛනිජ තෙල් ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 400ක් වැය කරන අතර ඒ අනුව සති 03කට පමණ අවශ්‍ය ඉන්ධන ශ්‍රී ලංකාව සතුව බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල පැවසීය.

එමෙන්ම මුදල් අමාත්‍යවරයා සහ තමන් සිදුකළ ඉන්දීය සංචාරයේදී දැනට ඉන්දීය රජය විසින් ඉන්ධන ආනයනය සඳහා ලබාදී ඇති ඩොලර් මිලියන 500ක ණය සීමාව ඩොලර් මිලියන 750ක් දක්වා ඉහළ නැංවීමට ඉල්ලීමක් කළ බවත් ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේය.