― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඕස්ට්‍රේලියාවේ හෙලිකොප්ටර් අනතුරක්

ඕස්ට්‍රේලියාවේ හෙලිකොප්ටර් අනතුරක්

ඕස්ට්‍රේලියාවේ, උතුරු කුවීන්ස්ලන්, කේන්ස් නගරයේ හෝටලයක් මතට හෙලිකොප්ටරයක් කඩා වැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට වේලාවෙන් අද (12) අලුයම 01:50ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

යානය කඩා වැටුණු ඩබල් ට්‍රී බයි හිල්ටන් හෝටලයේ රැඳී සිටි අමුත්තන් දෙදෙනෙක් ද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

හෙලිකොප්ටරය කඩා වැටීමෙන් පසු එය ගිනි ගැනීමකට ලක්ව ඇති අතර හෝටලයේ සිටි සිය ගණනක් පිරිස ඉන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම යානය නිසි අවසරයකින් තොරව ගුවන්ගත කර ඇති බව වාර්තා වන අතර යානයේ ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.