― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමහනුවර 15 හැවිරිදි සිසුවෙක් අතුරුදන්

මහනුවර 15 හැවිරිදි සිසුවෙක් අතුරුදන්

මහනුවර ප්‍රදේශයේ 15 හැවිරිදි සිසුවෙක් අතුරුදන් වී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මහනුවර පාසලක ඉගෙනුම ලැබූ 15 හැවිරිදි සිසුවෙක් පාසල් ගොස් නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් සිසුවාගේ මව විසින් කටුගස්තොට පොලීසියට පැමිණිලි කර ඇති බවයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ රණවන ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි මොහොමඩ් මුඛාරන් නමැති සිසුවෙක් බවයි පොලීසිය පැවසුවේ.

මොහු ඊයේ (12) පාසල් ගොස් නැවත නිවස කරා නොපැමිණීම හේතුවෙන් සිසුවාගේ මව පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

කටුගස්තොට පොලීසිය විසින් අතුරුදන් වූ සිසුවා සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.