― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රී ලංකා පිලේ පිතිකරණ පුහුණුකරු ධුරය ඉයන් බෙල්ට

ශ්‍රී ලංකා පිලේ පිතිකරණ පුහුණුකරු ධුරය ඉයන් බෙල්ට

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස එංගලන්ත හිටපු ටෙස්ට් ක්‍රීඩක ඉයන් බෙල් පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය පවසන්නේ එළඹෙන එංගලන්ත සංචාරය ඉයන් බෙල් මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුරට පත් කළ බවයි.

ඒ අනුව ඔහු අගෝස්තු 16 වැනිදා සිට තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය නිම වන තෙක් එම තනතුරේ කටයුතු කරනු ඇති.