28.4 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනුර ප්‍රියදර්ශනගේ නායකත්වයෙන් අලුත් සන්ධානයක්

අනුර ප්‍රියදර්ශනගේ නායකත්වයෙන් අලුත් සන්ධානයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා තවත් පක්ෂ කිහිපයක් අද (14) පොදුජන එක්සත් පෙරමුණ ලෙස සන්ධානගත වී තිබෙනවා.

ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණ පුටුව ලකුණ යටතේ ඉදිරි මැතිවරණ සඳහා තරග කරනු ඇති.

එහි නායකත්වය හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා විසින් දරනු ලබන අතර ලසන්ත අලගියවන්න එහි මහ ලේකම් ධුරය හා භාණ්ඩාගාරික ධුරය චාමර සම්පත් දරනු ලබනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිමල් ලන්සා ඇතුළු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් නව සන්ධානය සහ තවත් පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක් එක්ව මෙම පොදුජන එක්සත් පෙරමුණ ලෙස සන්ධානගත වීම අද (14) කොළඹදී සිදු කෙරුණා.