28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමරඳ මඩු වාර්ෂික මංගල්‍යය හෙට

මරඳ මඩු වාර්ෂික මංගල්‍යය හෙට

මන්නාරම මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය හෙට (15) පැවැත්වීමට නියමිතයි.

මන්නාරම මඩු දේවස්ථානයේ අද (14) රාත්‍රියේ විශේෂ පූජාවක් පැවැත්වෙන අතර හෙට (15) වැනිදා උදෑසන පැවැත්වෙන ආශීර්වාද පූජාවෙන් පසු මඩු වාර්ෂික මංගල්ලය අවසන් වනවා.

මන්නාරම රදගුරු අති උතුම් එමානුවල් ප්‍රනාන්දු හිමිපාණන් පැවසුවේ මේ දිනවල මඩු හා මන්නාරම් ප්‍රදේශයට අධික වැසි පතිත වන නිසා මඩු දේවස්ථාන භූමියේ කදවුරු බැදීමට සූදානමින් පැමිණෙන පිරිස් ආලෝකය සපයා ගැනීම සූදානම්ව පැමිණෙන ලෙසත්, අධික සීතලට හා වැස්සට ඔරොත්තු දෙන ආකාරයේ ඇදුම් පැලදුම් සකස් කරගෙන පැමිණෙන ලෙසයි.

බැතිමතුන්ට අවශ්‍ය පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, වෛද්‍ය පහසුකම් හා ආහාර පාන පහසුකම් සපයා දීම යුද හමුදා, පොලිස්, නාවික හමුදා නිලධාරීන් විසින් සපයනු ලබනවා.

මෙවර මඩු මංගල්‍යය සඳහා බැතිමතුන් ලක්ෂ පහක් පමණ සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.