29.5 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමාත්‍ය මණ්ඩලයේ සංයුතිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි

අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි

වත්මන් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය අන්තර්ගත වාර්තාවක් අධිකරණය හමුවේ ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියම කර තිබේ.

ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය පත් කර තිබෙන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (23) කැඳවනු ලැබූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනි ද සිල්වා මහත්මිය වෙත මෙම නියෝගය සිදු කරනු ලැබීය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වේරදුවගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ මෙම නඩුකරය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතිද්දී ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ විෂයයන් සම්බන්ධයෙන් සංශෝධන කිහිපයක් සිදුකර ඇති බව පෙන්වා දුන්නේය.

ඒ හේතුවෙන් එම නව සංශෝධනද ඇතුළත් කොට සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව සංශෝධිත පෙත්සම මැයි මස 04 වැනිදාට පෙර ගොනුකරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මැයි මස 11 වැනිදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළේය.