30 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅඹ ගෙඩියක් රුපියල් 285,000කට වෙන්දේසි වෙයි

අඹ ගෙඩියක් රුපියල් 285,000කට වෙන්දේසි වෙයි

අඹ ගෙඩියක් රුපියල් 285,000ක මුදලකට වෙන්දේසි වීමේ පුවතක් වවුනියාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වවුනියාව, උක්කුලාන්කුලම හින්දු කෝවිලේ පැවති දේව මෙහෙයකින් අනතුරුව පැවැත්වූ පූජා භාණ්ඩ වෙන්දේසියකදී එහි තිබූ අඹ ගෙඩියක් රුපියල් 285,000 ක මුදලකට ඊයේ රාත්‍රියේ වෙන්දෙසී වූ බවයි කෝවිල් භාරකාර මණ්ඩලය පැවසුවේ.

මෙම වෙන්දේසිය ඊයේ (14) උක්කුලාන්කුලම් සිද්දි විනායගර් කෝවිලේ පැවති වාර්ෂික දේව මංගල්‍යය වෙනුවෙන් පැවැත්වුණා.

අදාල වෙන්දේසියේදී වවුනියාව, උක්කුලාන්කුලම ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රන් සින්දුජා නමැති කාන්තාවක් මෙම අඹ ගෙඩිය මිලට ගනු ලැබුවා.

කෙසේවෙතත් පසුගිය 2023 වසරේ අගෝස්තු මාසයේදීද මෙම හින්දු කෝවිලේම පැවති වෙන්දේසියේදී අදාල කාන්තාව රුපියල් 162,000ක මුදලකට අඹ ගෙඩියක් මිලට ගත්තා.