30.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය උත්සවාකාරයෙන් අවසන්

මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය උත්සවාකාරයෙන් අවසන්

ඓතිහාසික මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යයේ අවසන් දේව මෙහෙය බැතිමතුන් ලක්ෂ 5 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් අද උත්සවාකාරයෙන් පැවැත්වුණා.

අවසන් මහා දිව්‍ය පූජා දේව මෙහෙය අද (15) උදෑසන 6.15ට මන්නාරම රදගුරු අතිඋතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණා.

මඩු දේවස්ථානයේ ඥානප්‍රකාශම් පියතුමන් ඇතුළු ගරු පූජා ප්‍රසාදීන්වහන්සේලා රැසකගේ සහභාගීත්වයෙන් මෙම දිව්‍ය පූජාව පැවත්වුණි.

අවසන් දේව මෙහෙය අවසන් වීමෙන් අනතුරුව මරඳ මඩු ජපමාල දේව මාතාවගේ පිළිරුවෙන් මඩු දේවස්ථානයේ රැස්ව සිටි බැතිමතුන් ආසිරි ගැන්වුවා.