27.2 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද

ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (19) රාත්‍රියේ වීදී සංචාරය කිරීමට නියමිතයි.

මෙවර සධාතුක කරඬුව වඩම්මවන්නේ ඉන්දිරාජා ඇත් රාජයා වන අතර කෝට්ටේ රාජා සහ මියන් රාජා ඇතුන් දෑලේ ඇතුන් ලෙස ගමන් කරනු ඇති.

දළදා මාළිඟාව අභියසින් රාත්‍රී 6.57 ට උතුරු දිශාභිමුඛව ගමන් ආරම්භ කරන පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතයි.

පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව මහ ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 6000කට ආසන්න පිරිසක් රාජකාරියේ යොදවා තිබෙනවා.

පොලීසිය පවසන්නේ විශේෂ රථවාහන සැලැස්ම හේතුවෙන් මහනුවර නගරය හරහා ධාවනය වන රථවාහන වෙනුවෙන් විකල්ප මාර්ග ද හඳුන්වා දී ඇති බවයි.

එමෙන්ම පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ රථවාහන ගාල් කිරීමේ ස්ථාන 9 ක් හඳුන්වා දී තිබෙනවා.