31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනීතිවිරෝධී කුෂ් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලයි

නීතිවිරෝධී කුෂ් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලයි

ශීතාගාර තුළ සූක්ෂ්ම අයුරින් පවත්වාගෙන ගිය නීතිවිරෝධී ‘කුෂ්’ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත අංක 11 ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (18) පස්වරුවේ මාලඹේ ප්‍රදේශයේදී යි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

පොලීසිය පැවසුවේ අදාළ නිවසේ පහත මාලයේ කාමරයක් වායු සමීකරණය කර එහි තට්ටු කිහිපයකට රෝපණය කර තිබූ කුෂ් පැළ 60කට ආසන්න ප්‍රමාණයක් සහ එම නිවසේ ඉහළ මාලයේ ශීතාගාරයක් තුළ රෝපණය කර තිබූ තවත් කුෂ් පැළ 100කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බවයි.

මෙලෙස පොලිස් භාරයට ගත් කුෂ් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 10ක් පමණ වන බවටයි ගණන් බලා ඇත්තේ.

තේ ඇසුරුම් කිරීමේ ආයතනයක් පවත්වාගෙන යන බව පවසමින් අදාළ නිවස කුලී පදනම මත ලබාගෙන ඇති බවත් මෙම කුෂ් මත්ද්‍රව්‍ය පැළ රෝපණය සඳහා අවශ්‍ය සියලුම දෑ විදේශයෙන් ආනයනය කොට මෙම නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති බවත් මූලික පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මරදාන සහ මාලඹේ – කොස්සේන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 24 සහ 48 වයස්වල පසුවන්නන්.

ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.