― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකකයින්ට තම ආරක්ෂාව සඳහා නිසි පියවර ගන්නා ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී තිබෙනවා.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පැවසුවේ මැද පෙරදිග කලාපයේ වර්ධනය වන නොසන්සුන්තාව උපරිම තලයට පැමිණ ඇති අතර ඉදිරි දින කීපය තුළදී ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් අනපේක්ෂිත ප්‍රහාර සිදුවිය හැකි බවයි.

හදිසි අවස්ථාවකදී තම නිවෙස්වල, සේවා ස්ථානවල ඇති ආරක්ෂිත නිවෙස්නයන් භාවිතා කරන ලෙසත්, දින කීපයකට අවශ්‍ය සියලු ආහාර, බීමට අවශ්‍ය ජලය, ඖෂධ භාවිතා කරන්නන් තම අවශ්‍යතාව අනුව අදාළ ඖෂධ අවශ්‍ය ප්‍රමාණයට රඳවා තබා ගන්නා ලෙසත් ඊශ්‍රාලය තානාපති කාර්යාලය දැනුම් දෙනවා.

එමෙන්ම තානාපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ඊශ්‍රායලයේ සිටින තම ඥාතීන් පිළිබඳව අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසත්, ඊශ්‍රායල් රජය ඇති විය හැකි ඕනෑම අවස්ථාවකට මුහුණ දීම සදහා රෝහල්, ගිලන් රථ සේවා සූදානම් කර ඇති බවත්ය.