හෙට (24) ඇතැම් ප්රදේශවලට පැය 06කට වැඩි විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබේ.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L දක්වා කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි විනාඩි 20 ක් බැගින් සහ පස්වරු 06 සිට රාත්රී 11 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.
P,Q,R,S,T,U,V,W දක්වා කලාප 08 කට හෙට පැය 06 යි විනාඩි 20 ක විදුලි කපා හැරේ.
ඒ අනුව පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 04 යි විනාඩි 30 ක් බැගින්ද පස්වරු 05.30 සිට රාත්රී 11 දක්වා පැය 01 යි විනාඩි 50 ක් බැගින්ද විදුලිය කැපේ.