― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරනිල් අර්බුදය හමුවේ පැන නොගිය නායකයෙක්

රනිල් අර්බුදය හමුවේ පැන නොගිය නායකයෙක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අර්බුදය හමුවේ පැන නොගිය බවත් ජනාධිපති වුණත් සජිත්ට පොරොන්දු ඉෂ්ඨ කරගත නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (20) ලෝරිස් පටුමගේ පැවති පුළුවන් ශ්‍රී ලංකා මාධ්‍ය හමුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරයා කිසිදිනෙක තමා ගැන සිතා තීන්දු ගෙන නොමැති බවත් ඔහු සැමවිටම රට ගැන සිතා තීන්දු ගන්නා නායකයෙක් බවත්ය.

පාලනය වෙනස් කරනවා ද? අලුත් පාලනයකට යනවා ද කියා ජනතාව සිහි බුද්ධියෙන් සිතිය යුතු බව පැවසූ මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේ සජිත් බොරු ප්‍රකාශ කරමින් ඡන්දය දිනීමට සිහින දකින බවයි.

පොරොන්දුවලින් විතරක් ජනතාව පිනවන්න යන්න එපා යැයි පැවසූ මන්ත්‍රීවරයා දේශපාලඥයෝ හැටියට අම්බරු ප්‍රකාශ නොකළ යුතු බවයි කියා සිටියේ.