― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

සත්කාරක එංගලන්ත සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අදින් (21) ආරම්භ වුණා.

තරගය පැවැත්වෙන්නේ මැන්චෙස්ටර්, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේදී.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

එංගලන්ත කණ්ඩායමේ නිත්‍ය නායක බෙන් ස්ටොක්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔලී පොප් එංගලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබනවා.

අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේදී ටෙස්ට් තරගයක් ජයගෙන ඇත්තේ 2014 වසරේදී වීම විශේෂත්වයක්.

මෙම තරගාවලිය යටතේ දෙරට අතර ටෙස්ට් තරග තුනක් පැවැත්වීමට නියමිතයි.