28 C
Colombo
Tuesday, March 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරටවල් 35ක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නොමිලේ වීසා

රටවල් 35ක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නොමිලේ වීසා

රටවල් 35ක පුරවැසියන්ට මාස 06ක කාලයක් නිදහස් වීසා බලපත්‍ර ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් 01 වැනිදා සිට මාස 06ක කාලයක් සඳහා මෙලෙස නිදහස් වීසා බලපත්‍ර ලබාදෙනු ඇති.

බ්‍රිතාන්‍ය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, චීනය ඇතුළු රටවල් 35ක පුරවැසියන්ට මෙලෙස නිදහස් වීසා ලබාදීමට නියමිතයි.

එක්සත් රාජධානිය, ජර්මනිය, නෙදර්ලන්තය, බෙල්ජියම, ස්පාඤ්ඤය,
ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, පෝලන්තය, කසකස්ථානය, සවුදි අරාබිය,
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නේපාලය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව,
රුසියාව, තායිලන්තය, මලයාසියාව, ජපානය, ප්‍රංශය, එක්සත් ජනපදය,
කැනඩාව, චෙක් රාජ්‍යය, ඉතාලිය, ස්විස්ටර්ලන්තය, ඔස්ට්‍රියාව, ඊශ්‍රායලය, බෙලරූස්, ඉරානය, ස්විඩනය, දකුණු කොරියාව, කටාර්, ඕමානය, බහරේන් හා නවසීලන්තය යන රටවල් සඳහායි මෙම සහනය ලබා දී ඇත්තේ.