― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඇමති ටිරාන්ගේ පක්ෂයේ සහායත් රනිල්ට

ඇමති ටිරාන්ගේ පක්ෂයේ සහායත් රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නායකත්වය දරණ එක්සත් මහජන පක්ෂයේ සහාය රනිල් වික්‍රමසිංහට ලබාදීමට තීරණය කර තිබෙනවා.

අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් මහජන පක්ෂයේ නීතිඥ වජිර රණසිංහ පැවසුවේ ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ පමණක් බවයි.

රනිල් වික්‍රමසිංහට පමණක් නිවැරදි ප්‍රතිපත්තියක් හා දැක්මක් ඇති බව පැවසූ ඒ මහතා අවධාරණය කළේ ජනපති රනිල් භාරගත් අභියෝගය 100% ඉටු නොකළා යැයි කවුරු කීවද එතුමා එම අභියෝගය භාරගත් එකම ලොකු දෙයක් බවයි.