― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරනිල්ට සම කළ හැකි කිසිඳු අපේක්ෂකයෙක් නැහැ - වජිර

රනිල්ට සම කළ හැකි කිසිඳු අපේක්ෂකයෙක් නැහැ – වජිර

රනිල්ට සම කළ හැකි කිසිඳු අපේක්ෂකයෙක් නොමැති බවත් ජනතාව ඡන්දපොළට යා යුත්තේ පළිගැනීමට නොව ජනාධිපතිවරයාට කෘතවේදීත්වය පිරිනැමීමට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (22) මල් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ජාතික කොඩිය ජනතාවගේ අයිතියක් බැවින් එය මැතිවරණයට භාවිතා කළ හැකි බවත් ඒ අයිතිය ගැන ව්‍යස්ථාවේ සඳහන් වන බවත්ය.

එමෙන්ම පොරොන්දු දේශපාලනය වේදිකාවට ඇවිත් ජනතාව රවට්ටන බවත් බංකොලොත් වූ රට පොරොන්දු දේශපාලනයේ ප්‍රතිඵලය වන බවත් මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

විරුද්ධ පක්ෂය දැන් ඉතාම දුර්වල වෙලා. වර්තමාන ජනාධිපතිවරයා නිදහසෙන් පසු කරපු ලොකුම වැඩ කොටස කරලා තියෙනවා. පොරොන්දු දේශපාලනය වේදිකාවට ඇවිත් ජනතාව රවට්ටනවා. පොරොන්දු දේශපාලනයේ ප්‍රතිඵල තමයි බංකොලොත් වූ රට. අණපනත් රාශියක් මගින් රට තුළ විශාල වෙනසක් කරලා තියෙනවා. ආසියාවේ බලවත්ම දූෂණ විරෝධී පනත සම්මත කරලා තියෙනවා.

මේ මැතිවරණය ආගමක් කුලයක් ජාතියක් වෙනුවෙන් නායකයෙක් තෝරන එකක් නෙවෙයි. සමස්ථ ජනතාවගේ නායකයෙක් තෝරා ගත යුතුයි. සෑම අතින්ම අංග සම්පූර්ණ නායකයෙක් බිහි කරගත යුතුයි. රනිල්ට සම කල හැකි කිසිදු අපේක්ෂකයෙක් නෑ. අනිත් අපේක්ෂකයෝ ජන්දෙ ඉල්ලන්නේ රනිල්ට පිං සිද්ධ වෙන්න. ජනතාව ජන්ද පොලට යන්න ඕනේ පළිගන්න නෙවෙයි. ජනාධිපතිතුමාට කෘතවේදීත්වය පිරිනැමිය යුතුයි.

තලතා අතුකෝරල මහත්මිය විශේෂ කතාවක් කළේ. ඒක රටට දුන්න පණිවිඩයක්. බෙදුණු පාක්ෂි කයන්ට දුන්න පණිවිඩයක් තමයි ඒ. අපි එතුමියට 25 සම්මේලනයට ආරාධනා කරලා තියෙනවා. එදාට බලාගන්න පුළුවන්. රැලිවලට ජාතික කොඩිය භාවිතා කරන්න බෑ කියලා මැතිවරණ කොමිසම කියනවා. නමුත් එහෙම නීතීයක් නෑ. ව්‍යවස්ථාවේ සඳහන් කරලා තියනවා රටේ ඕනෑම පුරවැසියෙකුට ජාතික කොඩිය භාවිතා කරන්න පුළුවන් කියලා.”