31 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentකැබ් - යතුරුපැදි අනතුරකින් අයෙක් රෝහලට

කැබ් – යතුරුපැදි අනතුරකින් අයෙක් රෝහලට

පානදුර – හොරණ මාර්ගයේ පින්කොටුව හන්දියේදී අද (26) අලුයම කැබ් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු පානදුර මූලික රෝහලට ඇතුළත් කළ බවයි අළුබෝමුල්ල පොලිසිය පැවසුවේ.

මෙම අනතුරින් යතුරුපැදිය කොටස් දෙකකට කැඩී වෙන්ව තිබූ අයුරු දැකගන්නට ලැබුණා.

හොරණ දෙස සිට පානදුර දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදිය වේගය පාලනය කර ගත නොහැකිව ඊට ප්‍රතිවිරුද්ධ දිසාවට ධාවනය වෙමින් තිබූ කැබ් රථය ගොස් කැබ් රථයේ ඉදිරිපස ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අළුබෝමුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.