28.4 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියාවේ ගූගල් ප්‍රවෘත්ති තහනමක්

රුසියාවේ ගූගල් ප්‍රවෘත්ති තහනමක්

රුසියානු සන්නිවේදන නියාමන බලධාරීන් ගූගල් සමාගමේ ප්‍රවෘත්ති සම්පාදන යෙදවුම් තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

ව්‍යාජ පුවත් ප්‍රකාශයට පත් කිරීම ඊට හේතුවයි. රුසියාව, යුක්‍රේනයේ සිදු කරන යුද මෙහෙයුම් සම්බන්ධයෙන් ගූගල් සමාගම වැරදි තොරතුරු වාර්තා කර ඇති බවයි, නියාමන බලධාරීන් පවසන්නේ.

අමෙරිකානු සමාගමක් වන ගුගල් සමාගම එරට මතවාද මත පිහිටමින් ව්‍යාජ තොරතුරු නිර්මාණය කර ඇති බව ද ඔවුන් පෙන්වා දෙයි.
යුද්ධය පිළිබඳව අන්තවාදීව කටයුතු කරන බවට චෝදනා කරමින් රුසියානු බලධාරීන් මීට පෙර අමෙරිකානු මෙටා සමාගමට ද තහනමක් පනවා තිබේ.

තමන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ගූගල් සමාගම කියා සිටින්නේ තම ආයතනය යුද්ධයේ සැබෑ ස්වභාවය වාර්තා කිරීම සඳහා ඉතා බැරූරුම් හා විශ්වාසදායී මෙහෙයුමක් නිරතව සිටින බවයි.