― political ―

රනිල් වැටිච්ච රටක් නැගිට්ටවලා පෙන්නුවා – දුමින්ද

රනිල් වැටිච්ච රටක් නැගිට්ටවලා පෙන්නූ බවත් ජනාධිපතිකම යනු එක ඉල්ලන ඉල්ලන එකාට දෙන එකක් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද...
HomeHot Newsබඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් සිවුදෙනෙක් රෝහලේ

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් සිවුදෙනෙක් රෝහලේ

හැටන් – ෂැනන් වතුයායේ සේවය කරමින් සිටි පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් සිවුදෙනෙක් තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම වතුයායේ කම්කරුවන් පිරිසක් අද (26) එම වතුයායේ සේවය කරමින් සිටියදී ගසක බැඳ තිබූ බඹර කුඩුවක් ඇවිස්සී එහි සිටි බඹරුන් විසින් එම පිරිසට ප්‍රහාර එල්ල කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේනමුත් වටවල ප්‍රාදේශීය රෝහලේ නිලධාරියෙක් පැවසුවේ හැටන් – ෂැනන් වතුයායේ සිදු වූ බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කළ සිවුදෙනාගේ තත්ත්වය බරපතල නොවන බවයි.