29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතහනම් ලැයිස්තුවට වැටුණු රටඉඳි නිසා මුස්ලිම් බැතිමතුන්ට ගැටලු

තහනම් ලැයිස්තුවට වැටුණු රටඉඳි නිසා මුස්ලිම් බැතිමතුන්ට ගැටලු

ආනයනික භාණ්ඩ තහනමට රටඉඳි ඇතුළත් කිරීම නිසා මුස්ලිම් ජනතාවට උපවාස අවසන් කිරීමේදී විශාල ගැටලුවක් මතුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.

මෙම ගැටලුව පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් ප්‍රකාශ කළද එම තහනම ඉවත් කිරීමට මෙතෙක් ගැසට් නිවේදනයක් නිකුත් කර නොමැති බවට මන්ත්‍රීවරයා චෝදනා කරයි.

තවමත් මෙම ගැටලුව නිරාකරණය කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව පැවසූ මන්ත්‍රීවරයා මේ වන විට රට ඉඳිවලට අය කරන බද්දද වැඩි කර ඇතැයි පැවසීය.

රටඉඳි නබිතුමා අනුභව කළ ආහාරයක් නිසා ඔහුට කරන ගෞරවයක් වශයෙන් සලකා මුස්ලිම් බැතිමතුන් රටඉඳි අනුභව කරන බව පැවසූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ උපවාස කාලය අවසන් වූ පසු ආහාර ජීර්ණය කිරීම සඳහාද රටඉඳි ආහාරයට ගන්නා බවයි.