― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජනකගෙන් අල්ලස් ගත් සභාපති හා ලේකම් යළි රිමාන්ඩ්

ජනකගෙන් අල්ලස් ගත් සභාපති හා ලේකම් යළි රිමාන්ඩ්

එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාවක් ලබාදීම සඳහා මහජන උපයෝගතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකගෙන් රුපියල් කෝටි තුනක අල්ලසක් ලබාගත් බව කියන එම පක්ෂයේ සභාපති සහ ලේකම්වරයා යළි සැප්තැම්බර් 10 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළා.

එම පක්ෂයේ හිටපු ලේකම්වරයකු වන 2015 ජනාධිපතිවරණයට එම පක්ෂයෙන් ඉදිරිපත් වූ රුවන්තිලක පේදුරුආරච්චි හා එම පක්ෂයේ සාමාජිකයකු වන නිහාල් ප්‍රේමකුමාර යන සැකකරුවන් දෙදෙනා අද (27) යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති සෙසු සැකකරුවන් හට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

ඇප මත මුදා හැර ඇති සැකකරුවන් අතර නිත්‍ය ලේකම් මාටින් සරත්චන්ද්‍ර, කෘත්‍යධිකාර මණ්ඩලය සමාජිකයන් වන රංගන කුමාර, චන්දන සුගත්, නිල්මිනි පුෂ්පකුමාරි, නිලුශි සේනානායක, සහ සන්ධ්‍යා කුමාරි යන අය වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සැකකාරියක් ඇතුළු අට දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඉහත සඳහන් කළ සැකකරුවන් දෙදෙනා හැර සෙසු සැකකරුවන් රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස පසුගිය 15 වැනිදා අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඉදිරි ජනාධිපතිවරණයට (2024) ඉදිරිපත්වීම සඳහා පසුගිය (14) වැනිදා ඇප මුදල් තැන්පත් කළ මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අට දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.