25 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාවට IMF සහාය දෙන්න ආව ප්‍රධානියා විශ්‍රාම යයි

ලංකාවට IMF සහාය දෙන්න ආව ප්‍රධානියා විශ්‍රාම යයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තු ප්‍රධානියා වශයෙන් කටයුතු කරනු ලැබූ Changyong Rhee සිය ධුරයෙන් විශ්‍රාම යාමට තීරණය කර තිබේ.

ඔහු ඉකුත් සතියේදී ශ්‍රී ලංකාවේ සංචාරයකද නිරත වූ අතර එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මුදල් අමාත්‍යවරයාද හමුවී සාකච්ජා කරනු ලැබීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තු ප්‍රධානියා මෙලෙස සිය ධුරයෙන් විශ්‍රාම යෑමට හේතුව වී ඇත්තේ ඔහු දකුණු කොරියානු මහ බැංකුවේ ප්‍රධානියා ලෙසට නම් කිරීමත් සමගයි.

මේ වන විට දකුණු කොරියාවේ ආර්ථිකය තුළ ඇතිවී තිබෙන අධික උද්ධමනය සහ පොළී අනුපාතයන් ඉහළ යාම පාලනය කිරීම සඳහා පළපුරුදු නිලධාරියෙකුගේ සේවය අවශ්‍ය බැවින් මෙලෙස හිටපු IMF ප්‍රධානියාව පත් කිරීමට දකුණු කොරියාව තීරණය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.