― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජංගම දුරකථන තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

ජංගම දුරකථන තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

තීරුබදු රහිතව මෙරටට රැගෙන ආ ජංගම දුරකථන තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව, මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය පැවසුවේ අද (28) උදෑසන කරඹ මාර්ග බාධකයේ සිදු කළ පරීක්ෂා කිරීම්වල දී කැබ් රථයක තිබී මෙම ජංගම දුරකථන තොගය සොයාගත් බවයි.

එහිදී පෙට්ටි කිහිපයක බහා තිබූ Nokia වර්ගයේ ජංගම දුරකථන 600ක්, SanIlan වර්ගයේ ස්මාර්ට් ජංගම දුරකථන 50ක් හමු වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත්තේ තමා මෙම ජංගම දුරකථන තොගය පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි ආයතනයට අයත් ඒවා බවයි.

කෙසේනමුත් මේ පිළිබඳව කිසිඳු ලියකිවිල්ලක් ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් වීම හේතුවෙන් මෙම ජංගම දුරකථන තොගය නොරොච්චෝලේ පොලිසියට භාර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.