― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅසීරු යුගයක් ආවොත් සජිත් හා අනුර පැන යනවා - රනිල්

අසීරු යුගයක් ආවොත් සජිත් හා අනුර පැන යනවා – රනිල්

‘පුළුවන් ශ්‍රී ලංකා’ දේශපාලන වේදිකාව රට බේරා ගැනීමේ වේදිකාව බවත් එම වේදිකාවෙන් පිට සිටින්නේ ජනතාව මිය ගියත් දේශපාලන වාසි ලබාගත යුතු බව සිතන දේශපාලනඥයන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා’ විජයග්‍රාහී මහජන රැළියට එක්වෙමිනි.‍

නැවතත් අසීරු යුගයක් උදා වුවහොත් සජිත් සහ අනුර පැන යන බවත් මෙම මැතිවරණය රටේ සහ දරුවන්ගේ අනාගතය තීරණය කරන ඡන්දයක් බවත් ජනාධිප්වතිවරයා එහිදී සඳහන් කළා.

තමන් කරදරේ වැටුණු අවස්ථාවේ තමා සමඟ සිටි නායකයෙකු ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.

ජනතාව අසීරුතාවට මුහුණ දුන් අවස්ථාවේ ළඟ නොසිටි නායකයන් දැන් පැමිණ පොත් කියවා ඵලක් නැහැ කියලා මම කියන්න කැමතියි. බඩු මිල අඩු කරනවා, බදු සහන ලබා දෙනවා කියලා ඔවුන් අද වේදිකාවල ජනතාවට විවිධ පොරොන්දු දෙනවා. මේ මුදල් සොයන්නේ කෙසේද කියා ඔවුන් රටට ප්‍රකාශ කළ යුතුයි. ඒ නිසා ඔබ ගැස් සිලින්ඩරයට ලබාදෙන ඡන්දය මා වෙනුවෙන් ලබාදෙන ඡන්දයක් නොවෙයි. මෙම ඡන්දය ඔබේ කුස්සියට ලබාදෙන ඡන්දයක්. මෙය මගේ අනාගතය තීරණය කරන මැතිවරණයක් නොවෙයි, මීට වඩා හොඳ ජීවන තත්ත්වයක් ඇති කර ගැනීමට සහ දරුවන්ට යහපත් අනාගතයක් ගොඩනඟාදීම වෙනුවෙන් ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබාදෙන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.