― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරනිල්ට තව අවුරුදු 05ක් දෙන්න කියලා ජන මතයක් තියෙනවා - ශෙහාන්

රනිල්ට තව අවුරුදු 05ක් දෙන්න කියලා ජන මතයක් තියෙනවා – ශෙහාන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහට තව අවුරුදු 05 ක් මේ රට පාලනය කිරීමට ඉඩ දිය යුතු බවට රටේ ජනමතයක් ගොඩනැඟී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) අනුරාධපුර බටහිර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධව සංවිධානය කළ කොට්ඨාස කමිටු සමඟ පැවති සාකච්ජාවකදී අදහස් දක්වමිනි.

රට කඩා වැටුණු අවස්ථාවේදී එය ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒමට කිසිඳු සහෙයෝගයක් නොදක්වපු කණ්ඩායම් මින් ඉදිරියට රට ගෙනයන්න ඔවුන්ට භාර දෙන්න කියලා දිගින් දිගටම කතා කියන බවයි අමාත්‍යවරයා එහිදී කියා සියියේ.

“ජනාධිපතිවරයා පත් වුණ දවසේ ඉඳලා මේ මැතිවරණය ප්‍රකාශයට පත් වෙන තෙක් රජයේ පාර්ශවයන් කිසිම කෙනෙක් දේශපාලන කටයුතුවල නිරත වුණේ නෑ. ඒකට හේතුව අපිට වගකීමක් තිබුණා කඩා වැටුණු රටක් නැවත ගොඩ නැගීම සඳහා වගකීම් අරගෙන, ඒ තම තමන්ට භාර දීපු වගකීම ඉටු කරන්න. ජනතා විමුක්ති පෙරමුණට හා සමඟි ජන බලවේගයට මේ රටේ ජනතාවගේ ජන ජීවිත පිළිබඳව වගකීමක් තිබුණේ නෑ. ඒ නිසා රට කඩා වැටුණු අවස්ථාවේ ඉඳලා මේ දිනය දක්වාම ඔවුන්ගේ දේශපාලනය ප්‍රචාරණය කරන්න කටයුතු කළා මිසක් මේ තැනට රට ගොඩනගන්න, ආණ්ඩුවට පාර්ලිමේන්තුවේදීවත්, ඉන් පිටතදීවත් සහයෝගයක් ලබා දුන්නේ නෑ. අවසාන මොහොත දක්වාම අපි රටේ ආර්ථිකය බිඳ වැටෙන්නේ නැතිව කඩා වැටිච්ච ජන ජීවිතය සාමාන්‍ය තැනට අරගෙන එන්න කටයුතු කළා. දැන් අපිට පේනවා ඒ සඳහා සහයෝගයක් නොදක්වපු කණ්ඩායම් දෙකක් මින් ඉදිරියට රට ගෙනයන්න ඔවුන්ට භාර දෙන්න කියලා දිගින් දිගටම කතා කරනවා.

රටේ ජනමතයක් ගොඩ නැගිලා තියෙනවා ජනාධිපතිතුමා තව අවුරුදු 05ක් මේ රට පාලනය කරන්න ඕන කියලා. හැබැයි ඒ ජන මතය ගොඩනැගුණේ දේශපාලන ක්‍රියාකාරකම් සිදු කරලා නෙමෙයි. එතුමා මේ රටේ ආර්ථිකය ගොඩනගන්න කරපු කාර්යභාරය රටේ අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් තියන්න පුලුවන් ආකාරයට කටයුතු කිරීමත් නිසා සාමාන්‍යය මහජනතාව තුළ ඒ මතය ගොඩනැගිලා තියෙනවා. වෙනත් දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති අපේ රටේ කඩාවැටීමක් අත ළඟ කියන එක විතරයි අපිට තහවුරු කරන්න පුළුවන්. ඉතිහාසයේ වෙච්ච දේවල් මදකට පැත්තකින් තියලා නැවත අවුරුදු 05 ක් සඳහා ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමටත්, ඉන් පසුව ශක්තිමත් රජයක්, පළාත් සභාවක්, පළාත් පාලන ආයතන ක්‍රියාත්මක කර ගැනීම සඳහා අපි ඔක්කොම එකතු වෙලා ලබා දෙමු. මේ ඇති වෙච්ච අලුත් දේශපාලන සංස්කෘතිය වර්ෂ ගණනාවක් තිස්සේ දේශපාලන පක්ෂවලට ඇති කර ගන්න බැරි වුණ තත්වයක්. අද හැම පක්ෂයක්ම එක වේදිකාවකට ගොඩ වෙලා අපේ කඳවුරු ඔක්කොම සමඟි වෙලා මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙනවා.”