― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහෙටත් පැය 06කට අධික විදුලි කප්පාදුවක්

හෙටත් පැය 06කට අධික විදුලි කප්පාදුවක්

හෙටත් (25) අදියර කිහිපයක් යටතේ විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව P,Q,R,S,T,U,V,W දක්වා කලාප සඳහා පෙරවරු 08 යි 30 සිට පස්වරු 05 යි 30 දක්වා කාලය තුළදී පැය 04 යි මිනිත්තු 30 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

එම කලාප සඳහා පස්වරු 05යි 30 සිට රාත්‍රි 11 දක්වා කාලය තුළදීද තවත් පැයයි මිනිත්තු 50 ක කාලයක් විදුලිය කප්පාදු කෙරේ.

ඊට අමතරව හෙට දිනයේදී A,B,C,D,E,F,G,H,I,J,K,L දක්වා කලාප සඳහා පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා කාලය තුළ පැය 03 යි මිනිත්තු 20 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

ඒ කලාප සඳහා පස්වරු 06 සිට රාත්‍රි 11 දක්වා කාලය තුළදීද පැයයි මිනිත්තු 40 ක කාලයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.