― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපැල් දෙපාර්තමේන්තුවට

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපැල් දෙපාර්තමේන්තුවට

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (02) තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියල්ල තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලැබීමෙන් පසු එම දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු අරඹන බවයි.

කෙසේනමුත් හෙට (03) සිට නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ආරම්භ කරන බවයි තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙලෙස නිල ඡන්ද පත්‍රිකා නිවෙස්වලට බෙදාහැරීම සඳහා තැපැල් සේවකයින් 8000ක පමණ පිරිසක් යෙදවීමටයි තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.