― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsAccidentපාරේ ගිය කතක් වෑන් රථයකට බිලිවෙයි

පාරේ ගිය කතක් වෑන් රථයකට බිලිවෙයි

යක්කල – ගම්පහ මාර්ගයේ ඊයේ (01) සිදු වූ වෑන් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ගම්පහ සිට යක්කල දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයේ ගමන් කළ කාන්තාවකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 48 හැවිරිදි යක්කල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.

වෑන් රථයේ ගැටුණු කාන්තාව බරපතළ තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදීයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

අනතුරින් පසු රියදුරු වෑන් රථය එම ස්ථානයේ දමා පළාගොස් ඇති අතර ඔහු සොයා පොලීසිය වැඩිදුර විමර්ශන අරඹා තිබෙනවා.