― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅධිකරණයට අපහාස කළේ යැ‍යි මෛත්‍රීගේ පෙත්සමකට දින නියම වෙයි

අධිකරණයට අපහාස කළේ යැ‍යි මෛත්‍රීගේ පෙත්සමකට දින නියම වෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 27 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම ක⁣ර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසිනුයි මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

මෙම පෙත්සම අද (02) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී මෙම පෙත්සමට අදාළව කරුණු තහවුරු කිරීම සඳහා වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට පසුගිය මැයි 30 වැනිදා නියෝග කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී එය උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කොට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම අද (02) කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සඳහන් කළේ සිය සේවාදායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරිම වලක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව ඔහු සභාපති ධුරයෙන් ඉල්ලා අස් වූ බවයි.

ඒ අනුව විනිසුරු මඩුල්ල නියෝග කළේ පෙත්සමේ කරුණු තහවුරු කිරිම සඳහා මේ මස 27 වැනිදා කැඳවන ලෙසයි.