― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsAccidentදෙදෙනෙක් මරු තුරුළට යැවූ එප්පාවල මාරක අනතුර

දෙදෙනෙක් මරු තුරුළට යැවූ එප්පාවල මාරක අනතුර

එප්පාවල – කැකිරාව මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව කුඩා බිළිඳෙක් බරපතල තුවාල ලබා තිබෙනවා.

ඊයේ (04) පස්වරුවේ එප්පාවල – කැකිරාව මාර්ගයේ කටියාව හන්දිය ආසන්නයේ වංගුවක් අසළදී පොලිස් සැරයන්වරයෙකු පැදවූ වෑන් රථයක් යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම අනතුරෙන් එම යතුරුපැදියේ ගමන් කළ මවක් සහ දියණියක් ජීවිතක්ෂයට පත්ව කුඩා බිළිඳෙක් බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එප්පාවල පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මකුලෑව බෝගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි එන්. චන්ද්‍රලතා නැමැති 58 හැවිරිදි සිව්දරු මවක් සහ ඇගේ දියණිය වන ඉන්ද්‍රාණි වීරසිංහ නැමති 38 හැවිරිදි තිදරු මවක් බවයි.

එප්පාවල සිට කැකිරාව දෙසට සැරයන්වරයා පැදවූ වෑන් රථය කැකිරාව දෙස සිට එප්පාවල දෙසට පැමිණෙමින් තිබූ යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්වූ දියණියගේ සැමියා නාවික හමුදා සාමාජිකයකු වන බවත් එප්පාවල නල්ලමුදාව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ මහ ගෙදරට ගොස් නැවත මකුලෑවට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවත් පොලිස් විමර්ශනලවදී අනාවරණය වී තිබෙනවා.

පොලිස් සැරයන්වරයාට නින්ද යාම හේතුවෙන් එම වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ඉදිරියෙන් පැමිණි යතුරුපැදියේ ගැටී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් එප්පාවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.