― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsව්‍යාපාරිකයන්ට විදේශ රටවල ව්‍යාපාර ඇරඹීමට අතහිත දෙනවා - අනුර

ව්‍යාපාරිකයන්ට විදේශ රටවල ව්‍යාපාර ඇරඹීමට අතහිත දෙනවා – අනුර

තම පාලනයක් තුළ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන බවත් ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර විදේශ රටවල ඇරඹීමටත් තම රජයෙන් උපකාර කරන බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (04) කිරිබත්ගොඩ සහ කැලණිය ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ගේ හමුවක් අමතමිනි.

මේ දක්වා කිසිඳු රජයක් දේශීය ව්‍යවසායකයන් සහ ආයෝජකයන් විදේශවල ආයෝජන කරා ගෙන යාමට මේ දක්වා නිසි වැඩපිළිවෙලක් සකස් කොට නොමැති බවයි ඔහු එහිදී කියා සිටියේ.

එමෙන්ම අප්‍රිකානු කලාපය තුළ වේගයෙන් ආර්ථිකය දියුණු වෙමින් පවතින බවත් පවතින තත්ත්වය මත තම පාලනයක් යටතේ ඉතාමත් ඉක්මනින් එම කලාපය තුළ වෙළඳ තානාපති කාර්යාල ආරම්භ කොට විවිධ දේශීය කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන්ට එම කලාපයේ ආයෝජනය කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බවයි ඔහු කියා සිටියේ.