ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
දේශපාලන පක්ෂයකට සහය පළ කිරීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවල පළවන අදහස් සම්බන්ධයෙන් තම අවධානය යොමු වී ඇති බවයි ඇය එමඟින් පෙන්වා දී ඇත්තේ.
අපේක්ෂකයින් රැසක් තම සහය ඉල්ලා සිටියද මෙවර මැතිවරණයේදී මධ්‍යස්ථව සිටීමට තීරණය කර ඇති බව ඇය පවසනවා.
ඒ අනුව ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට සහය නොදීමට තීරණය කර ඇති බවයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසන්නේ.