― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඉතිහාසයේ දැවැන්තම දේශපාලන සන්ධානය ජනපති වටා නිර්මාණය වී තිබෙනවා - අසංක

ඉතිහාසයේ දැවැන්තම දේශපාලන සන්ධානය ජනපති වටා නිර්මාණය වී තිබෙනවා – අසංක

ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම දේශපාලන සන්ධානය ජනපති රනිල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ගෑස් සිලින්ඩරය වටා නිර්මාණය වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (05) කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාර්යාලයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රාජ්‍ය සේවක තැපැල් ඡන්ද විමසීමේදී ද ජනාධිපති රනිල්
වික්‍රමසිංහ වෙනුවෙන් බහුතර ඡන්ද සංඛ්‍යාවක් ප්‍රකාශ වී ඇති බවත් තවත් පිරිස් ඉදිරියේදී ජනාධිපතිවරයාට එක්වීමට නියමිත බවත් ඔහු එහිදී කියා සිටියා.

“ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දී මේ වනවිට දින 20ක් පමණ ගත වී තිබෙනවා. මේ කාල සීමාව තුළ අපේ අපේක්ෂකයා වන ජනාධිපති
රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරය දවසින් දවස ජනතාවගේ ආකර්ෂණය දිනා ගනිමින් ඉදිරියට යමින් තිබෙනවා. මහජන නියෝජිතයන් ලෙස අපට ඉතා හොඳින් ඒ බව සන්නිවේදනය වෙනවා. සක්‍රීය මැතිවරණ කටයුතු සඳහා තවත් වෙන් වී ඇත්තේ සති දෙකක පමණ කාලයක් පමණයි.

රාජ්‍ය සේවක බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර ඇති බව දැන ගන්නට තිබෙනවා. ඇතැම් අපේක්ෂකයන් ශ්‍රී ලංකා පොලීසියේ බහුතරයක් ඔහු වෙනුවෙන් ඡන්දය භාවිතා කර ඇති බව පැවසුවද එම ප්‍රකාශ අසත්‍ය බව මේ වන විට තහවුරුව තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම දේශපාලන සන්ධානය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් ගෑස් සිලින්ඩරය වටා නිර්මාණය වී තිබෙනවා. තවත් පිරිස් ඉදිරියේදී එම සන්ධානයට එක් වීමට නියමිතයි.

අපි පක්ෂයක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබා දීමට තීරණය කළේ සෑම අංශයකින්ම කඩා වැටී තිබූ මේ රට වසර දෙකක් තුළ ගොඩ ගත් වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් ශක්තිමත් ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහායි. එම කටයුත්ත සිදු කළ හැකි එකම නායකයා වන්නේද ජනාධිපති රනිල් වික්‍රමසිංහයි.”