― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ - ශෙහාන්

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී ලංකාව ඉදිරියට යනවාද නැතිනම් ඉන් ඉවත්ව අස්ථාවර රාජ්‍යයක් වෙත ගමන් කරනවාද යන්න මෙම ජනාධිපතිවරණයේදී ජනතාවට තීන්දු කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ විසින් තර්ජනාත්මකව ජනතාව තුළ භීතියක් ඇති කරමින් සිදුකරන මැතිවරණ ව්‍යාපාරය හේතුවෙන් රට තුළ නිහඬ ඡන්ද දායකයාගේ ප්‍රතිශතය වැඩිවීමට හේතු වී ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආර්ථික ඝාතයකයකු ලෙස මීට පෙර හැඳින්වූ ජාතික ජන බලවේගය විසින් තම රාජ්‍යයක් යටතේ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරන බවට ප්‍රකාශ කරනුයේ එය පිළිබඳව ජනතාව තුළ ඇති ආකර්ෂණය නිසා බවත් ඔහු කියා සිටියා.

තුන්වන සමාලෝචනයෙන් පසුව හතරවන කාර්තුවේදී එම වාරිකය බලාපොරොත්තු වන බවත් ඒ සඳහා මේ වනතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජයට කිසිදු ගැටලුවක් නොමැති වුවද එම එකඟතා යම්කිසි කඳවුරක් විසින් වෙනස් කිරීමට කටයුතු කළොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ණය වැඩසටහනෙන් ඉවත් වනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පොදුජන පෙරමුණේ වැඩි පිරිසක් රට සහ ජනතාව ගැන සිතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග අත්වැල් බැඳ ගනු ලැබුවේ එම කිසිවෙකුවත් දේශපාලන අනාගතයක් ගැන සිතා නොවන බවත් එය තවදුරටත් ශක්තිමත් කරමින් පොදුජන එක්සත් නිදහස් පෙරමුණ සන්ධානය නිර්මාණය කළ බවත් පවසන රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ යහපත් චේතනාවෙන් හා අන්තවාදී නොවන දේශපාලනයක් සිදුකරන සියලුම දේශපාලන කඳවුරකටම පොදු සන්ධානයක් බවට මෙය නිර්මාණය වී ඇති බවයි.