― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකඩු කල්ලියට බයේ ගම්මු පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි

කඩු කල්ලියට බයේ ගම්මු පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි

යාපනය, වඩුකෝඩ්ඩෙයි පොලිස් වසමේ නිවසකට ඊයෙ (05) රාත්‍රියේ තියුණු ආයුධ ගත් කල්ලියක් පහර දී තිබෙනවා.

නාඳුනන පුද්ගලයින් 06 දෙනෙකු පැමිණ එම නිවැසියන්ට පහරදීම හේතුවෙන් එක් කාන්තාවක් තුවල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

එහිදී අදාල නිවැසියන්ගේ කෑ ගැසීම හේතුවෙන් අසල්වාසීන්ගේ පැමිණීමත් සමග පහරදීමට පැමිණි පිරිස් පලාගොස් ඇති අතර අදාල පහරදීමෙන් බියට පත් නිවසේ සෙසු සාමාජිකයින් සහ අසල්වාසීන් ආරක්ෂාව ඉල්ලා වඩුකෝඩ්ඩෙයි පොලිස් ස්ථානය අසළට රැස්ව තිබුණා.

ගම්වාසීන් පොලීසියට පවසා ඇත්තේ මෙම පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් තමන්ට නිවසට ගොස් සිටීමට තරම් ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බවත්ය.

පසුව වඩුක්කෝඩ්ඩෙයි පොලීසිය විසින් ඊයේ රාත්‍රියේම විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළ අතර මේ වන විට අදාල පහරදීම සම්බන්ධයෙන් එක් අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.