28 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයිස් ඇද්ද දුම්රිය ස්ථානාධිපති අත්අඩංගුවට

අයිස් ඇද්ද දුම්රිය ස්ථානාධිපති අත්අඩංගුවට

යතුරුපැදියකින් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ දුම්රිය ස්ථානාධිපතිවරයෙක් සහ දුම්රිය සහායකවරයෙක් මට්ටක්කුලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 20 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 මිලිග්‍රෑම් 320 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒවා ප්‍රවාහනයට යොදා ගත් යතුරුපැදියද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29 හා 30 අතර පසුවන ගම්පහ මුදුන්ගොඩ සහ මීගමුව දෙමන්හන්දිය පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ.