ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා භාරගැනීම අද (09) සිට ආරම්භ වනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ නාමයෝජනා භාරගැනීම අද (09) දිනයේ සිට ලබන 12 වැනිදා මධ්‍යහ්න 12.00 දක්වා සිදුකෙරෙන බවයි.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී නාමයෝජනා භාරගැනීමේ කටයුතු සිදුකෙරෙනු ඇති.


