උල්හිටිය, රත්කිඳ ජලාශයේ වාන් දොරටු 06ක් හදිසියේම විවෘත කර තිබෙනවා.
ජලාශය බාර නිලධාරී දීප්ත ජයසේකර පැවසුවේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස වාන් දොරටු 06ක් විවෘත කළ බවයි.
මාදුරුඔය උමගේ නඩත්තු කටයුත්තක් සහ රත්කිඳ ජලාශයේ ජල පාලන දොරටුවල කේබල් අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතාව මත යෝග්‍ය ජල මට්ටම පවත්වා ගැනීම සඳහා මෙම වාන් දොරටු විවර්5අ කර තිබෙනවා.
කෙසේනමුත් ජලාශයට පහළින් පිහිටි රත්කිඳ ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ රත්කිඳ කෝසුව හරහා ගමන් කිරීමට හෝ ජලාශයට පහළින් පිහිටි ගම්මානවල ජනතාවගේ ජන ජීවිතයට හෝ කිසිඳු බලපෑමක් එල්ල නොවන බව කාර්යභාර්ය ඉංජිනේරුවරයා පවසනවා.


