26.1 C
Colombo
Tuesday, August 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධනහල්වල අතිරික්තයක් තියෙන නිසා බවුසර් හරවා එවලා

ඉන්ධනහල්වල අතිරික්තයක් තියෙන නිසා බවුසර් හරවා එවලා

ඉන්ධන රැගත් බවුසර් රැසක් ඉන්ධනහල් වෙත යවා ඇති නමුත් එම ඉන්ධනහල්වල අතිරික්තයක් තිබීම හේතුවෙන් එම බවුසර් ආපසු හරවා එවා ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසයි.

කොළඹ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

කොළඹ ප්‍රදේශයේ ඉන්ධනහල් වෙත බෙදා හැරීම සඳහා යවන ලද ඉන්ධන බවුසර් රැසක් එසේ ආපසු හරවා එවා ඇති බවත් ඉන්ධනහල්වලින් ඉන්ධන නිකුත් කරනු දකින ඇතැම් පුද්ගලයන් තමන්ගේ අවශ්‍යතාව ඉක්මවමින් ඉන්ධන ලබා ගැනීමට කටයුතු කිරීම ඉන්ධනහල් අසල දිගු පෝලිම් ඇතිවීමට හේතුවක් වී ඇති බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.