― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතරුණයින්ට අවශ්‍ය රට හදන්න මට වසර 05ක් අවශ්‍යයි - ජනපති

තරුණයින්ට අවශ්‍ය රට හදන්න මට වසර 05ක් අවශ්‍යයි – ජනපති

බොරු සටන් පාඨ දේශපාලනය නිසා ලොව දියුණු රටවලට වඩා ඉදිරියෙන් සිටි අප රට පසුපසට ඇදවැටුණු බවත් රටේ සහ තරුණ පරපුරේ අනාගතය තීරණය කිරීමට තමාට ඉදිරි වසර 05 අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (09) පස්වරුවේ කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවති AskRanil තරුණ හමුවේදී යොමු වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

Gen Z පරපුර සමාජයට ඇතුල් කර ගනිමින් රට ගොඩනැඟීමේ වගකීම භාරගත හැකි පිරිසක් බවට පත් කිරීම තම අරමුණ බවත් එවිට තමන්ට අවශ්‍ය සමාජය තමන්ටම නිර්මාණය කර ගැනීමට මෙරට තරුණ තරුණියන්ට අවස්ථාව උදාවන බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

“මට තිබෙන සැලැස්ම නම් Gen Z පරපුර, මේ සමාජයට ඇතුල් කරගනිමින් සමාජය ගොඩනැගීමේ වගකීම භාරගැනීමේ පිරිසක් බවට පත් කිරීමටයි. තමන්ට අවශ්‍ය අනාගතය තමන් තීරණය කළ යුතුයි. මම වයස අවුරුදු 20 පමණ කාලයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලනය පිළිබඳ ගැටළු පැවතුණා. අපි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා සමඟ වැඩ කළා. එතුමා ජනාධිපති බවට පත්වුණා. ඉන් අනතුරුව අපට අවශ්‍ය ආකාරයට සමාජය නිර්මාණය කරන ලෙස එතුමා අපට කිව්වා. එතුමා ආර්ථිකය විවෘත කළා. මහවැලි ව්‍යාපාරය ආරම්භ කළා. මට ඔබෙන් ඇසීමට තිබෙන ප්‍රශ්නය නම් තරුණයන් ලෙස තවත් වසර 25කින් ඔබට අවශ්‍ය සමාජය කුමක්ද කියායි.

ඒ වන විට මෙහි සිටින බහුතරයක් දෙනාට අවම වශයෙන් වයස අවුරුදු 50ක් පමණ වෙනවා. ඇතැමුන්ට මුණුපුරු මිණිපිරියන්ද සිටිය හැකියි. තමන්ට අවශ්‍ය සමාජය කුමක්ද යන්න තමන් දැනගත යුතුයි. මගේ උත්සාහ වන්නේ පසුගිය වසර දෙකෙහි මුහුණ දුන් අර්බුදකාරී තත්ත්වයෙන් පසුව ජනතාවට ජීවත් විය හැකි සමාජයක්
ගොඩනැගීමයි. ඒ වගේම රටේ ආර්ථිකයත් දියුණු කිරීමයි.අපට හැමදාම දුප්පත් රටක් වීමට බැහැ. මගේ කුඩා කාලයේදී ජපානය අපට පසුපසින්
සිටියා. අද ඔබට පසුපසින් සිටින්නේ කවුද? මියන්මාරය, ඇෆ්ගනිස්ථාන සහ ලාඕසයයි. අපි ඉක්මනින් ක්‍රියාත්මක නොවුණහොත් ඔවුන්ද අපව පසු කරගෙන යයි.

ඒ නිසා අප දේශපාලනය කිරීමේදී බොරුවට සටන් පාඨ කියවීමෙන් ඵලක් නැහැ. අනෙක් රටවල් මෙන් අප ගොඩනඟන අනාගතය පිළිබඳ තීරණයක් ගත යුතුයි. මෙවැනි තත්ත්වයක් ඇතිවුණේ අපි බොරු කළ නිසයි. සෑම දෙයක්ම නොමිලයේ දීමකින් තොරව සෑම
දෙයකටම ණය ගන්නේ නැතිව, අප මේ ආර්ථිකය ගොඩනැඟිය යුතු බවට සත්‍ය පැවසුවා නම්, මේ තත්ත්වය උදාවන්නේ නැහැ. අන්තිමට ණය ගෙවීමට නොහැකිව අද මේ පරපුරට එහි බර දැරීමට සිදුව තිබෙනවා. එනිසා එම තත්ත්වය වළක්වාගනිමින් හොඳ සමාජයක් නිර්මාණය කිරීමට මූලික වන සමාජය ගමන් කරන මාර්ගය සකස් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එය ඉදිරියට ගෙන යාම ඔබේ යුතුකමයි.

අපට නවීන කර්මාන්ත ශ්‍රී ලංකාව තුළට ගෙන ඒමට තිබෙනවා. ඒ සඳහා පහසුකම් පවතින ආයෝජන කලාප ඇති කිරීමට තිබෙනවා. මම බලාපොරොත්තු වන්නේ විශාල ආයෝජන කලාප ඇති කිරීමටයි. අපි කටුනායක සහ බියගම කලාප අක්කර 400 බැගින් යොදවා මුලින්ම ආරම්භ කළා. ඊට වඩා විශාල ප්‍රමාණයේ ආයෝජන කලාප ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. පළමු නව ආයෝජන කලාපය බිංගිරියේ අක්කර 1000ක භූමි ප්‍රදේශයක ආරම්භ කරනවා. රට වටේම ඒ ආකාරයෙන් ආයෝජන කලාප ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා.

හම්බන්තොට ප්‍රදේශයේ වරායක් සහ ගුවන්තොටුපොළක් තිබෙනවා. එනිසා එම පහසුකම්වලින් ප්‍රයෝජන ගත යුතුයි. ඒ අනුව හම්බන්තොට සහ මොණරාගල යන ප්‍රදේශවලින්ද අක්කර 10,000ක් පමණ වෙන්
කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සමඟ විශාල කර්මාන්ත ආර්ථිකයක් හම්බන්තොට ප්‍රදේශයට ලැබෙනවා. කර්මාන්ත නගරයක් ලෙස මෙම කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මේ නිසා හම්බන්තොට ප්‍රදේශයට අලුත් ආර්ථිකයක් ඇතිවෙනවා. මේ සඳහා අවශ්‍ය පිරිස් පුහුණු කරවීමට ද අපට අනාගතයේ
කටයුතු කිරීමට තිබෙනවා. ත්‍රිකුණාමලය සහ හම්බන්තොට සංවර්ධනයට අදාළ සැලසුම් සිංගප්පූරුවේ සුබානා ජුරොන්ග් සමාගම හරහා සකස් කර තිබෙනවා.”