28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsADB වෙතින් ඩොලර් මිලියන 200ක ණයක් ගන්න අනුමැතිය

ADB වෙතින් ඩොලර් මිලියන 200ක ණයක් ගන්න අනුමැතිය

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 200 ක ණය මුදල ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ජල සම්පාදන හා සනීපාරක්‍ෂක ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහායි මෙලෙස ණය ලබා ගැනීමට අනුමැතිය හිමිව ඇත්තේ.

මෙම ව්‍යාපෘතිය යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 100 බැගින් උප ව්‍යාපෘති 02ක් ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

එහි පළමු ව්‍යාපෘතිය වන ‘ජල සම්පාදන මෙහෙයුම්වල දේශගුණයට ඔරොත්තු දීම, සියලු පාර්ශවකරුවන් ඒකාබද්ධ කිරීම සහ පාරිසරික තිරසාරභාවය ශක්තිමත් කිරීම’ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ණයක් ලබාගැනීම සඳහා සාකච්ඡා අවසන් කර තිබෙනවා.

ඒ අනුව මුදල්, ආර්ථික ස්ථාවරත්ව සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.