― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපැරා ඔලිම්පික් උළෙලේදී රිදී පදක්කමක් දිනූ සමිත දිවයිනට

පැරා ඔලිම්පික් උළෙලේදී රිදී පදක්කමක් දිනූ සමිත දිවයිනට

2024 පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රිදී පදක්කම දිනා ගත් සමිත දුලාන් ඊයේ (10) පස්වරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.

සමිත දුලාන් ප්‍රංශයේ පැරිස් නුවර පැවති 2024 පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එෆ්.- 44 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වී මෙම රිදී පදක්කම දිනාගනු ලැබුවා.

ඔහු සමග මෙම පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ අනෙකුත් ක්‍රීඩකයින් ද ඊයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් ඊයේ (10) පස්වරු 03.30 ට අබුඩාබි නුවර සිට එතිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 390 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

සමිත දුලාන් මීට පෙර ජපානයේ ටෝකියෝ නුවර පැවති පැරා ඔලිම්පික් තරගාවලියට ද සහභාගී වී ලෝකඩ පදක්කමක් දිනා ගනු ලැබුවා.