― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරාජ්‍ය ඇමතිවරු 05කගේ පට්ටම් ගැලවෙයි

රාජ්‍ය ඇමතිවරු 05කගේ පට්ටම් ගැලවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙකු ඉවත් කර තිබෙනවා.

මෙලෙස ඉවත් කර ඇත්තේ ගීතා කුමාරසිංහ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, තේනුක විතානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී. චානක යන රාජ්‍ය අමාත්‍යවරුන් පස්දෙනායි.

ගීතා කුමාරසිංහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත්, ශෂීන්ද්‍ර රාජපක්ෂ වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය ඇමතිවරයා ලෙසත්,
තේනුක විදානගමගේ නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, ප්‍රසන්න රණවීර කුඩා හා මධ්‍යපරිමාන ව්‍යවසාය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, ඩී.වී.චානක විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් මෙතෙක් කටයුතු කර්නු ලැබුවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ඉවත් කිරීම් සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.